Sri Lanka

පාර්ලිමේන්තුවේ තීරණ අපි පිළිගන්නේ නෑ

Lankadeepa - 1 ora 11 min fa
පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක් පිළිගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
Categorie: Sri Lanka

හලාවත කසළ අංගනය ගිනි ගනී

Lankadeepa - 1 ora 11 min fa
හලාවත වැල්ල කල්ලුකුලියේ කසළ අංගනයයෙහි ඇතිවූ ගින්න අද ( 12 ) දහවල වන විටත් නිවා දැමීමට නොහැකිවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව හලාවත ධීවරයෝ පවසති.
Categorie: Sri Lanka

ජනපතිගේ ක‍්‍රියාවට විරුද්ධ පුද්ගලයන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා

Lankadeepa - 1 ora 11 min fa
ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ ක‍්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් මර්දනය කිරීමේ ප‍්‍රයත්නයක් ක‍්‍රියාත්මක වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී අද (12) පැවසීය.
Categorie: Sri Lanka

බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනෙකු මරුට

Lankadeepa - 1 ora 11 min fa
බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
Categorie: Sri Lanka

බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනකු මරුට

Lankadeepa - 1 ora 47 min fa
බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
Categorie: Sri Lanka

එජාපයට සහය පළකිරීමත් සමඟ ටීඑන්ඒ සංවිධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවෙනවා

Lankadeepa - 1 ora 47 min fa
රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාගැනීමට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංවිධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවැසීය.
Categorie: Sri Lanka

අන්තරේ පාගමනක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්

Lankadeepa - 1 ora 47 min fa
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල, මරදාන,ටෙක්නිකල් හංදිය ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
Categorie: Sri Lanka

ඌව පළාත් සෞඛ්‍ය සේවක වර්ජනය අවසන්

Lankadeepa - 1 ora 47 min fa
තමන්ගේ හිඟ අතිකාල දීමනා වහා ලබාදෙන දෙසට බලකරමින් ඌව පළාත් සභාව තුළට කඩාවැදී පැය 3 ක් පමණ කාලයක් ‍විරෝධය පළ කළ ඌව පළාතේ සෞඛ්‍ය සේවකයෝ ප.ව. 2.30 විරෝධතාව නවතා පළාත් සභා පරිශ්‍රයෙන් ඉවත්වූ‍හ.
Categorie: Sri Lanka

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සැකකරුවෙකු පලා යයි

Lankadeepa - 1 ora 47 min fa
බන්ධනාගාර බස් රථයකින් කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් භූමියට රැගෙන ආ සැකකරුවෙකු අද (12) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.
Categorie: Sri Lanka

අතුරු නියෝගය වළක්වන්නයි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම සිකුරාදාට කල් තබයි

Lankadeepa - 4 ore 19 min fa
තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන සිකුරාදා (14) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය.
Categorie: Sri Lanka

එක්සත් රාජධානියේ අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

Lankadeepa - 4 ore 19 min fa
එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයි වාර්තා වේ.
Categorie: Sri Lanka

වැලිකඩින් පැන්න සුනිල් ශාන්ත වැඩිදුර පරීක්ෂණ සඳහා සීඅයිඩියට

Lankadeepa - 4 ore 19 min fa
වැලිකඩ බන්ධනාගාරයෙන් ඉකුත් 19 වැනි දා පලා ගොස් මීමුරේ ප‍්‍රදේශයේ සැඟව සිටියදී සංවිධානත්මත අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව පොලිසිය කියයි.
Categorie: Sri Lanka

සුනිල් ශාන්තට උදව් කළ තිදෙනෙක් අත්අඩංගුවට

Lankadeepa - 4 ore 19 min fa
වැලිකඩ බන්ධනාගාරය තුළට බන්ධනාගාර නිලධාරියකු සේ වෙස්වලාගෙන පැමිණි පුද්ගලයකු සුක්ෂම ලෙස රැගෙන ගිය රැඳවියකු වන සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නැමැත්තාට සැඟවී සිටීමට උදව් උපකාර කළ තිදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Categorie: Sri Lanka

මහින්දගේ අගමැති ධූරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාගයට තෙදිනක්

Lankadeepa - 4 ore 19 min fa
මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 16,17,18 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය .
Categorie: Sri Lanka

පොහොට්ටුවේ මන්ත්‍රීට පහර දුන් එජනිස මන්ත්‍රී අත්අඩංගුවට

Lankadeepa - 4 ore 19 min fa
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් කුමාර සෙනෙවිරත්න මහතාට පහර දී තුවාල සිදුකළ බව කියන එක්සත් ජනතා නිදහස් සංවිධානයේ හිටපු මන්ත්‍රී නිශාන්ත සරත් කුමාර හෙවත් රාජා යන අය නීතිඥ මාර්ගයෙන් බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
Categorie: Sri Lanka

Sri Lanka's Supreme Court to hear appeal against Interim Order on Mahinda Rajapaksa & Cabinet on December 14th

Colombo Page - 5 ore 26 min fa
Dec 12, Colombo: Sri Lanka's Supreme Court will hear the appeal filed against Court of Appeal's interim injunction that restrained Mahinda Rajapaksa and his cabinet from functioning in the respective posts on December 14th.
Categorie: Sri Lanka

Sri Lanka's Appeal Court postpones hearing Quo Warranto against Mahinda Rajapaksa and cabinet until January

Colombo Page - 5 ore 36 min fa
Dec 12, Colombo: Sri Lanka's Court of Appeal on Wednesday postponed the hearing of the petition restraining controversially appointed prime minister Mahinda Rajapaksa and the Cabinet of the purported government from functioning until next month.
Categorie: Sri Lanka

Bank of Ceylon launches World MasterCard to offer world class benefits

Colombo Page - 6 ore 16 min fa
Dec 12, Colombo: Sri Lanka's largest bank, Bank of Ceylon jointly with MasterCard International has launched the World MasterCard themed as "Be the Master of your Journey".
Categorie: Sri Lanka

UNP to present motion today to show confidence in Ranil Wickremesinghe to function as Prime Minister

Colombo Page - 6 ore 51 min fa
Dec 12, Colombo: The majority party of Sri Lanka parliament, the United National Party (UNP) will submit a vote of confidence motion in parliament today to show the party's leader Ranil Wickremesinghe commands the confidence of Parliament to function as Prime Minister.
Categorie: Sri Lanka

මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට

Lankadeepa - 7 ore 10 min fa
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ හමුවූ සමූහ මිනීවල තුළ සිදුකළ කැණීම් වලදී කුඩා ළමුන් 21 දෙනෙකු ඇතුළු මිනිස් සිරුරු 276ක අස්ථි කොටස් හමුවූ බව අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Categorie: Sri Lanka